.webp)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ, බිත්තර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.
පවතින තත්ත්වය යටතේ එම පාලන මිල ප්‍රයෝගික නොවන බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ එකමුතුව චෝදනා කළේ ය.