රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ අද සිට භාර ගැනේ

රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට යළි ඇරඹේ

by Staff writer 25-08-2022 | 7:07 AM

COLOMBO (News 1st) - රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම අද (25) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, මාස 3 කට ආසන්න කාලයක සිට තැපැල් භාර ගැනීම සිදු නොකළ බවය.

සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම සිදු කෙරුණේ නැත.

මේ වනවිට තැපැල් භාණ්ඩ රැගෙන යාම සඳහා පෞද්ගලික ගුවන් සමාගමක් තෝරාගෙන ඇත.