අත්‍යවශ්‍ය සේවාවලට විශේෂ ඉන්ධන කෝටාවක්

අත්‍යවශ්‍ය සේවාවලට විශේෂ ඉන්ධන කෝටාවක් ලබාදීමට කඩිනම් පියවර

by Staff writer 25-08-2022 | 6:54 AM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය යෙදවුමේ වැඩි දියුණු කිරීම් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් පවත්වා ඇති අතර එහිදි හෙළිවී ඇත්තේ පසුගිය සති 3 ක දත්ත සංසන්දනය කිරීමේදී රථ වාහන ලියාපදිංචිය සහ ඉන්ධන ලබා ගත් සංඛ්‍යාව වැඩි වී ඇති බවයි. 

නමුත් ඉන්ධන භාවිතයේ අඩුවක් පෙන්නුම් කරන බව එහිදී හෙළිවි තිබේ.

මේ අතර රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා, සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේ හඳුන්වා දීමට නියමිතය.