විදුලි යතුරුපැදි හා පාපැදි ගැන ගැසට්ටුවක්

විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර දෙමින් ගැසට් නිවේදනයක්..

by Staff writer 24-08-2022 | 10:44 PM

COLOMBO (News 1st) - විදුලි යතුරුපැදි හා පාපැදී, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසරය ලබා දී තිබේ.

ඒ අනුව විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000 ක් හා පාපැදියකට රුපියල් 1000 ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට යෝජිතය.

මේ අතර ඊයේ  සිට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන, කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක්ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

එසේ ආනයනය කළ හැක්කේ ආයෝජන මණ්ඩලයට යටතට නොගැනෙන අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහායි.

අදාළ  ආනයන සිදුකිරීමේදී ව්‍යාපෘති වාර්තාවල නිච්චිතව දක්වා ඇති  වාහන හා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් දින 180ක ණයවර ලිපි යටතේ, ආනයන අපනයන පාලක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මුදල් ඇමතිවරයාගේ අවසරය ගැනීම වැනි කොන්දේසි ඇතුළත් වේ.