ආසියානු කුසලානයට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

by Staff writer 24-08-2022 | 5:56 PM

COLOMBO (News ast) - 2022 ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (24)  දිවයිනෙන් පිටත් විය.

මෙවර ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම  දසුන් ශානක මත පැවරී ඇති අතර උප නායකත්වය චරිත් අසලංක විසින් දරණු ලබයි.

ආසියානු කුසලන තරගාවලිය එක්සක් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැතිවීමට නියමිතය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව,ඉන්දියාව,බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථාන කණ්ඩායම් සහභාගී වනු ඇත.

තරගාවලිය ආරම්භ කරමින් අගෝස්තු 27 වැනිදා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී තරග බිමට පිවිසීමට නියමිතය.