සේනාධි ගුරුගේ අත්අඩංගුවට

අරගලය ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සේනාධි ගුරුගේ අත්අඩංගුවට

by Staff writer 24-08-2022 | 6:32 PM

COLOMBO (News 1st) - ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙළ  ක්‍රියාකාරිකයෙකු වූ අරගලය ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, සේනාධි ගුරුගේ මහතා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ , ඔහු අද (24)  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ආපසු එමින් සිටි අතරවාරයේ වොක්සෝල් වීදයේදීය.

යුද හමුදා සමාජිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් පහරදීම සේනාධි ගුරුගේ මහතාට එල්ල වී  ඇති චෝදනාවයි.

ඔහු හෙට (25)  අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය.