MTV සමාගම Freesat සමග අත්වැල් බැඳගනී

සිරස TV, ශක්ති TV, TV 1 සහ News 1st දැන් Freesat තුළිනුත් නැරඹීමට ඔබට අවස්ථාව

by Staff writer 23-08-2022 | 6:25 PM

COLOMBO (News 1st) - MTV චැනල් (පුද්ගලික) සමාගම, ඩිජිටල් සැටලයිට් රූපවාහිනී සේවාවක් වන Freesat සමග අද(23) අත්වැල් බැඳ ගත්තේය.

ඒ අනුව අද සිට සිරස TV, TV1, News 1st.සහ ශක්ති TV නාලිකා Freesat ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

නවතම DVB - එස් ටු එක්ස් තාක්‍ෂණයෙන් විකාශනය වන ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනි මාධ්‍ය සේවාවක් වන Freesat ග්‍රාහකයින්ට නාලිකා නොමිලේ පිරිනමයි.

MTV චැනල් (පුද්ගලික) සමාග⁣මේ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා සහ Freesat හි ප්‍රධාන විධායක නිලධාරී කමින්ද සමරකෝන් මහතා අතර අද මීට අදාළ ගිවිසුම් නිල වශයෙන් හුවමාරු කර ගත්තේය.

Freesat ප්‍රධාන විධායක නිලධාරී කමින්ද සමරකෝන් මහතා

"අපට අවශ්‍ය වූයේ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නිසි ගුණාත්මකභාවයෙන් යුතු සුපැහැදිලි දසුන් බැලීමට හැකිසේවාවක් ලබා දීමටයි. ඒ සඳහා වූ අපගේ තාක්ෂණය DVB - එස් ටු එක්ස්. මේ අත්දැකීම ශ්‍රී ලංකිකයින් සමග බෙදා ගැනීමට හැකි වීම ගැන අප ආඩම්බර වෙනවා, මෙය ලෝකයේ දෙවන වේදිකාව වන අතර එය ශ්‍රී ලංකාව තුළ තිබීම ගැන අපි ආඩම්බර වෙමු!"

Freesat ප්‍රධාන තාක්ෂණික නිලධාරී ප්‍රානාලංකා වරුණවංශ මහතා

"MTV චැනල් පුද්ගලික සමාගම සහ ෆ්‍රීසැට්  අතර හවුල්කාරිත්වය මගින් ප්‍රියතම දේශීය රූපවාහිනී නාලිකා තුන වන සිරස , ශක්ති ,  TV-1 මෙන්ම ඔබේ විශ්වාසනීය ප්‍රවෘත්ති සපයන්නා වන News 1st, සම්පූර්ණයෙන්ම නොමිලේ සුපැහැදිලිව නැරඹීමටට ෆ්‍රීසැට් ඔස්සේ අවකාශ ලැබෙනු ඇති"