ලංකාව ආහාර මිල උද්ධමනයෙන් ලෝකේ 5වැනි තැනට

ශ්‍රී ලංකාව ආහාර මිල උද්ධමනයෙන් ලෝකයේ 5 වැනි තැනට

by Staff writer 23-08-2022 | 11:54 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් අතර 5 වැනි ස්ථානයට පත්ව ඇතැයි ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකු වාර්තාවක දැක්වෙන්නේ, ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින්නේ ලෙබනනයේ බවය.

සිම්බාබ්වේ, වෙනිසුවෙලාව සහ තුර්කිය පිළිවෙළින් එහි දෙවන, තෙවන හා සිව්වැනි ස්ථාන හිමිකර ගෙන සිටී.

මේ අතර මහ බැංකුව නිවේදනය කළේ, ජූලි මාසයේ බඩුමිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය 66.7% ක් බවය. 

එය මෙතෙක් ලංකාවේ වාර්තා වී ඇති ඉහළම උද්ධමන අනුපාතිකය වේ.

ජූලි මාසය තුළ ආහාර මිල ගණනන් 82.5% කින් ඉහළ ගොස් තිබේ.

කිරිපිටි, සහල්, නැවුම් මාළු, බිස්කට් සහ කුකුළු මස් මිල ඉහළ යාම ඊට ප්‍රධාන වශයෙන් දායක වී ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් ය.

ආහාර නොවන භාණ්ඩ හා සේවාවල ජුලි මාසයේ මිල වැඩිවීම 52.4 % කි.