COLOMBO (News 1st) - 2023 වසරේදී පාසල් සිසුන්ට නිල ඇඳුම් සැපයීමේ අවශ්‍යතාවයෙන් යම් කිසි ප්‍රමාණයක් මෙරට ඉල්ලීම මත චීනය විසින් ලබා දෙන බව අද පැවති කැඉිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, ඉතිරි ප්‍රමාණය දේශීය නිෂ්පාදකයින් මගින් නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවය.
තව ද 2024 වසරේ සිට පාසල් නිල ඇඳුම් වෙනුවෙන් වව්චරයක් ලබාදීම කෙරෙහි ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇත.