.webp)
COLOMBO (News 1st) - භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය අද(23) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ ආනයනය අපනයන පාලන පනත යටතේයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනූව ආහාර, ඇඳුම් ඇතුළු විවිධ වර්ගයේ භාණ්ඩ සඳහා මෙම තාවකාලික ආනයන අත්හිටුවීම ක්‍රියාත්මක වේ.
ඒ අනූව චොක්ලට්, කොකෝවා අඩංගු ආහාර, සුවඳ විලවුන්, රූපලාවන්‍ය භාණ්ඩ, අත්බෑග සහ දන්ත සනීපාරක්ෂණ ද්‍රව්‍ය රැසක් ආනයනය තාවකාලිකව අත්හිටුවයි.
අදාළ භාණ්ඩ ලැයිස්තුවට ඉලෙක්ට්‍රොනික ජල නල උපාංග, නිවාස අලුත්වැඩියා උපකරණ, දැව භාණ්ඩ සහ මුළුතැන් ගෙයි උපාංග රැසක් ද ඇතුළත් වේ.
මුදල අමාත්‍යංශය නිවේදනයට අනූව ළමා ඇඳුම්, කාන්තා පිරිමි ඇඳුම් රැසක් ද ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ අනූව කාන්තා සහ පිරිමි යට ඇඳුම් ආනයනය ද තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍යංශය පියවර ගත්තේ ය.
ආදාළ ලැයිස්තුවට ලිපි ද්‍රව්‍ය, අධ්‍යාපනික උපකරණ ද ඇතුළත්,
.භාණ්ඩ ලැයිස්තුව මෙන්න,