ජනපති නිවසින් මත්පැන් බෝතලයක් සොරාගත් අයෙකුරිමාන්ඩ

ජනපති නිවසින් විදෙස් මත්පැන් බෝතලයක් සොරාගත් බවට සැක පුද්ගලයෙකු රිමාන්ඩ්

by Staff Writer . 23-08-2022 | 4:20 PM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ අවස්ථාවේ, එහි තිබී විදේශීය මත්පැන් බෝතලයක් සොරාගත් බවට අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවෙකු හෙට(24) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 

ඒ, එම නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්, තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ  අවස්ථාවේදීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස තුළට අයුතු ලෙස ඇතුළුවී, එහි තිබී විදේශීය මත්පැන් බෝතලයක් සොරා ගැනීම වැනි  චෝදනා මත අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.