කොළඹට විදුලි බස් සේවයක්

කොළඹට විදුලි බස් සේවයක්

by Staff writer 23-08-2022 | 1:33 PM

COLOMBO (News 1st) - කොළඹ නගරයේ  විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ඊට අදාල මූලික සාකච්ඡාවක් ඊයේ (22) ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් පිරිසක් සමගයි.

විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ශ්‍රී ලංකාව තුළ ඇති ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීමේ හැකියාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවය.

සමස්ත ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3 ක මුදලක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙන් කර ඇත.