රූපවාහිනියට ඇතුළු වූ තවත් අයෙකු අත්අඩංගුවට

රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් අයෙකු අත්අඩංගුවට

by Staff writer 22-08-2022 | 1:56 PM

COLOMBO (News 1st) –  ධනීෂ් අලි සමග රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ 2 වැනි පුද්ගලයා වන චමින්ද කැළුම්ප්‍රිය අමරසිංහ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔහු කුරුඳුවත්ත පොලිසියට භාරවීමෙන් පසු එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.