බළලෙක් නිසා රු. ලක්ෂ 21ක වන්දියක්..

බළලෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්..

by Chathurika Jayasundara 22-08-2022 | 9:01 AM

COLOMBO (News 1st) –  ගුරුවරියක් විසින් මෙහෙයවූ මාර්ගගත (online) පන්තිකදී ඇයගේ සුරතලා වූ බළලෙකු වරින් වර තිරයේ පෙනී සිටීම නිසා අදාල ගුරුවරිය අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීමේ සිදුවීමක් චීනයේ Guangzhou නගරයෙන් පසුගිය ජුනි මාසයේදී වාර්තා විය. 

online පන්තියක් අතරතුරදී ගුරුවරියගේ සුරතල් බළලා 5 වතාවක් කැමරා දර්ශනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ගුරුවරිය නඩුව මාර්ගයට යොමු වූ අතර, ඉන් ජයග්‍රහණය කිරීමට ඇයට හැකිවිය. 

ඇයට යුවාන් 40,000ක් ( ලක්ෂ 21) මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙස එම ආයතනයට අධිකරණය නියෝග කළේ ය.

නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් දෙමින් අධිකරණයේ විනිසුරුවරයා පවසා ඇත්තේ, නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය නම්, ඔවුන් කාර්යාලයක වැඩ කරන ආකාරයට සමාන අපේක්ෂාවන් ඔවුන් සතුව නොතිබෙන බවය.