.webp)
COLOMBO (News 1st) - චීනයේ යුවාන් වෑන්ග් 5 අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද (22) පස්වරුවේ මෙරටින් පිටත්ව ගියේ ය.
අදාල නෞකාව පසුගිය 16 වැනිදා පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණියේ ආහාර හා ඉන්ධන ඇතුළු මූලික පහසුකම් ලබා ගැනීම වෙනුවෙනි.
චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුලු පහසුකම් සහිත යුවාන් වෑන්ග් පංතියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නකි.
චීනයේ යුවාන් වෑන්ග් 5 අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද පස්වරු 4 ට හම්බන්තොට වරායෙන් පිටත් විය.