වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න..

වැඩ කරනවා නම්, වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්න - ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි

by Staff Writer . 21-08-2022 | 9:22 PM

COLOMBO (News 1st) – වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත්ව යන්නැයි අද(21) ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අවධාරණය කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පල කළේ, අනුරාධපුර පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවට එක්වෙමින් ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

''අද අපේ ආර්ථිකය වෙන අවුරුදුවලට වඩා 8%කින් අඩු වෙන්න යනවා.ඒක සීඝ්‍රයෙන් දැන් සිදු වෙනවා. ඒකේ විපාකය තව ටිකකින් හැම එක්කෙනාටම තේරෙන්න යනවා.මෙහෙම සීග්‍රයෙන් අඩු වුණා නම් ඒ වගේම අපි බලන්න ඕන ආපහු තල්ලු කරලා දියුණු වෙන්න.ඉතිං කොහෙන්ද අපිට ඉස්සෙල්ලම ආර්ථිකය සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්.මහ කන්නයේ ගොවිතැන අපි ගොවිතැන හරියට සාර්ථකව කරනවනම් ආපහු අඩු වුණා. ආර්ථිකය ඇකිලුණ ආර්ථිකය තල්ලු කරන්න පුළුවන්.එහෙනම් අපි බලන්නේ ආණ්ඩුවක් හැටියට මහ කන්නයට යොදවලා වැඩ කටයුතු කරන්න.පොහොර දෙන්න පොහොර වලට අපිට දැන් ආධාර ලැබිලා තියනවා.බීජ ලබලා දෙන්න , ඩීසල් ලබලා දෙන්න ,තෙල් ලබලා දෙන්න, ඒ වැඩසටහන දැන් ආණ්ඩුවෙන් කරගෙන යනවා. ආණ්ඩුව හැම එකක්ම ලබලා දෙනවා මෙතනින් අපි පටන් ගමු.ඒ වගේම ධීවරයන්ට පුළුවන් තෙල් ලබලා දෙන්න.විශේෂයෙන්ම තේ රබර් පොල් ක්‍රමාණුකූලව ඒ අයටත් පොහොර ලබලා දෙන්න.කෘෂිකර්මයෙන් අපි ඉස්සෙල්ලම ඉදිරියට යන්න බලන්න ඕන.අපි කැපවෙමු දැන් මහ කන්නෙදී හොද අස්වැන්නක් ලබා ගන්න.ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්නවා නිලධාරීන් දිසා ලේකම්තුමා තුන්දෙනෙක්ද හතරදෙනෙක්ද ?නමයක් ඉන්නවද ඒගොල්ලො ගොවිතැන් කළත් ඇතිනේ. තව මොකක්වත් උවමනා නෑ.අපි ඒ අයට තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසේ බෙදලා හැම එක්කෙනාම කොටසක් වාර්තා කරන්න කියමු. වැඩ කරනවනම් වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න.නිකන් ගෙවන්න ලෑස්ති නෑ . ඒක දිසාලේකම් තුමාට බලාගන්න වෙයි. ප්‍රාදේශීය ලේකම්වරු එක්ක. දැන් කාටවත් නිකන් කන්න බෑ මොකක් හරි කරන්න ඕන.මොකද අපියි ගෙවන්නේ.මටත් නිකන් කන්න බෑ මොකක් හරි කරන්න ඕන.මම මේක දියුණු කලේ නැත්නම් මටත් යන්න වෙනවා.දැන් ආණ්ඩුවෙන් ජීවත් වෙන කාලේ ඉවරයි. ජනතාව බලන්නේ දේශපාලනඥයින්ගෙන් මේකට විසදුමක් හොයලා දෙන්න කියලා. ඒක අපි හොයලා දෙන්න ඕන.පරණ දේශපාලනය උවමනා නෑ ඡන්දයක් තියනවා කියලා පැනලා යන්න එපා.ඊට ඉස්සෙල්ලා බැහැලා මේ වැඩ කටයුත්ත කරන්න.මම ඔක්කොම පක්ෂ එක්ක කතා කරනවා මම කැමතියි ඔක්කොම එකට එකතු වෙන්න.''