රැඳවුම් නියෝගවලට අත්සන් කරන්න එපා!

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගේ රැඳවුම් නියෝගවලට අත්සන් කරන්න එපා! - එ.ජා. මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් ජනපතිගෙන් ඉල්ලයි..

by Staff writer 21-08-2022 | 4:59 PM

COLOMBO (News 1st) –  මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සිවිල් ක්‍රියාකාරීන් වන වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිධම්ම හිමියන් යන පිරිස සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී. 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබීම ගැන තමා දැඩි කනස්සල්ලට පත්වන බවයි.

රැඳවුම් නියෝගවලට අත්සන් කළහොත් එම දිනය ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇතැයි ඇය වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.