මුදලිගේ පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට..

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට..

by Staff Writer . 21-08-2022 | 4:59 PM
COLOMBO (News 1st) –  අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ රඳවා ගෙන විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, පැය 72 ක රැදවුම් නියෝග යටතේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් ඇති බවයි. අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා තබා විමර්ශන කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබේ. පසුගිය 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ මහතා ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර වසන්ත මුදලිගේ මහතා ඇතුළු තිදෙනා හැර 15 දෙනා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි. එක් අයෙකු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.