පිහිනුම් තටාකයකට වැටී මෙහෙකාර තරුණියක් මරුට

ගම්පහ නිවසක පිහිනුම් තටාකයකට වැටී මෙහෙකාර තරුණියක් මරුට

by Staff writer 21-08-2022 | 3:01 PM

COLOMBO (News 1st) –  ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ නිවසක පිහිනුම් තටාකයට වැටීමෙන් 18 හැවිරිදි තරුණියක් මියගොස් තිබේ. 

පොලීසීය සඳහන් කළේ, අදාළ නිවසේ මෙහෙකාර සේවයට සිටි තරුණියක් එලෙස මියගොස් ඇති බවයි.

මියගිය තරුණිය, තලවකැළේ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.