IMF සාමාජිකයින් යළි මෙරටට එන්න සැලසුම්

IMF කාර්ය මණ්ඩල සාමාජිකයින් යළි මෙරටට එන්න සැලසුම්..

by Staff writer 20-08-2022 | 7:08 AM

COLOMBO (News 1st) : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් යළි දිවයිනට සැලසුම් කර තිබේ. 

ඒ, මේ මස 24 ත් 31 ක් අතර දිනවලදී ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ, ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් එම සාමාජිකයින් මෙරටට පැමිණෙන බවයි.

මීට පෙරද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනට පැමිණ මෙරට බලධාරින් සමග සාකච්ඡා කළේ ය.