සපුගස්කන්ද පිරිපහදුවේ මෙහෙයුම් යළි ඇරඹේ

සපුගස්කන්ද පිරිපහදුවේ මෙහෙයුම් යළි ඇරඹේ - ඇමති කංචන

by Staff writer 20-08-2022 | 7:17 PM

COLOMBO (News 1st) - සපුගස්කන්ද පිරිපහදුවේ මෙහෙයුම් අද (20) යළිත් ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ, මෙට්‍රික්ටොන් 100,000 ක බොරතෙල් ලැබීමත් සමගයි.

අමාත්‍යවරයා පවසන්නේ, මෙට්‍රික් ටොන් 120,000 ක් රැගත් දෙවැනි බොරතෙල් නැව ලබන සතියේදී පැමිණීමට නියමිත බවය.

ඒ අනුව ඉදිරි දින 40 පිරිපහදුව උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.