.webp)
පොලීසිය නිවේදනය කළේ, අදාල සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, පොලිස් අධිකාරිවයෙකු ලබාදෙන පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන මේ වනවිට විමර්ශන සිදු කෙරෙන බවයි.
පසුගිය 18 වැනි දා අන්තර් විශ්වවිද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ මහතා ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වු අතර වසන්ත මුදලිගේ මහතා ඇතුළු තුන්දෙනා හැර සෙසු 16 දෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.
?වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගන්න අවසර ඉල්ලයි?වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගන්න අවසර ඉල්ලයි https://youtu.be/k2lOqRP05i4 #lka #SriLanka #SLnews #News #CBL
Posted by Newsfirst.lk on Saturday, August 20, 2022