.webp)
මෙරට පාසල් අතර පැවැත්වෙන ප්‍රධානම රග්බි තරගය ලෙස සැලකෙන, මෙම තරගය මෙවර පැවැත්වෙන්නේ වසර 2 ක විරාමයකින් පසුවයි.
76 වැනි බ්‍රැඩ්බි පලිහ වාර්ෂික රග්බි තරගයේ, පළමු අදියර අද පැවැත්වුණේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදීය.
තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු අර්ධයේදී වැඩි දක්ෂතා දැක්වූ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් ලකුණු 10ට 0ක් ලෙස පෙරමුණ ගත්තේ ය.
ඔවුන් දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 19ක් රැස් කළේ ය.
ත්‍රිත්ව ක්‍රීඩකයින්ට එම අර්ධයේදී ද කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වුයේ නැත.
ඒ අනුව ලකුණු 29 ට 0 ක් ලෙස රාජකීය විද්‍යාලයට පළමු අදියරේ ජය හිමි විය.
බ්‍රැඩ්බි පලිහ වාර්ෂික රග්බි තරගයේ, දෙවැනි අදියර සැප්තැම්බර් මස 3 වැනි දා මහනුවර පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතය.
අදියර දෙකම අවසානයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන කණ්ඩායමට බ්‍රැඩ්බි පළිහ හිමි වේ.
බ්‍රැඩ්බි පලිහ වාර්ෂික රග්බි තරගයේ වැඩි ගෞරව දිනා සිටින්නේ ශූරතා 39 ක් ජය ගත් ත්‍රිත්ව විදුහල් කණ්ඩායමයි.
රාජකීය විදුහල ශූරතා 34ක් දිනා ගෙන ඇත.