ජනපති අනුරාධපුරයට..

ජනපති අනුරාධපුරයට..

by Staff writer 20-08-2022 | 8:29 PM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) අනුරාධපුර සිද්ධස්ථාන රැසක පැවති ආගමික වැඩසටහන්වලට සහභාගී වී මහා සංඝරන්තයේ ආශීර්වාද ලබාගෙන තිබේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් ජනාධිපතිවරයා අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

අනතුරුව රුවන්වැලි මහ සෑ රදුන් වැඳ පුදා ගත් ජනාධිපතිවරයා නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්ත් ය.

පසුව ජනාධිපතිවරයා ඓතිහාසික ලංකාරාමය විහාරස්ථානයට පැමිණ ලංකාරාමය විහාරාධිපති පූජ්‍ය රළපානවේ ධම්මජෝති හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

 
?ජනපති අනුරපුරයට

?ජනපති අනුරපුරයට ''ඊළඟට බලන්නේ තේ, රබර් පොල් වැනි බෝගවලට අවශ්‍ය පොහොර දෙන්න" https://youtu.be/k2lOqRP05i4 #lka #SriLanka #SLnews #News #LPY

Posted by Newsfirst.lk on Saturday, August 20, 2022