ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

by Staff writer 20-08-2022 | 5:32 PM

COLOMBO (News 1st) - 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද (20) නිවේදනය කරනු ලැබ තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් ය.

ලබන 27 වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනු ඇති.

ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 24 වැනි දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

නම් කළ සංචිතයට ඇතුළත්ව සිටි බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත ආබාධ හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි.

ඔවුන් වෙනුවට අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මදුෂාන් ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය මෙසේය,

01. දසුන් ශානක - නායක
02. ධනුෂ්ක ගුණතිලක
03. පැතුම් නිස්සංක
04. කුසල් මෙන්ඩ්ස් - කඩුලු රකින්නා/පිතිකරු
05. චරිත් අසලංක - උපනායක
06. භානුක රාජපක්ෂ - කඩුලු රකින්නා/පිතිකරු
07. අශේන් බණ්ඩාර
08. ධනංජය ද සිල්වා
09. වනිඳු හසරංග
10. මහීෂ් තීක්ෂණ
11. ජෙෆ්රි වැන්ඩසේ
12. ප්‍රවීන් ජයවික්‍රම
13. චාමික කරුණාරත්න
14. ඩිල්ෂාන් මධුෂංක
15. මතීෂ පතිරණ
16. නුවනිඳු ෆර්නැන්ඩු
17. දුෂ්මන්ත චමීර
18. දිනේෂ් චන්දිමාල් - කඩුලු රකින්නා/පිතිකරු
19. බිනුර ප්‍රනාන්දු - තෝරාගත් නමුත් SLC ආරාධිත T20 ලීගය 2022 අතරතුරදී ඇති වූ ආබාධයක් හේතුවෙන් සංචාරය නොකරනු ඇත.
20. කසුන් රාජිත -  තෝරාගත් නමුත් SLC ආරාධිත T20 ලීගය 2022 අතරතුරදී ඇති වූ ආබාධයක් හේතුවෙන් සංචාරය නොකරනු ඇත.

ආදේශක ක්‍රිඩකයින් 

01. අසිත ප්‍රනාන්දු – බිනුර ප්‍රනාන්දු වෙනුවෙන් 
02. ප්‍රමෝද් මධුෂාන් - කසුන් රාජිත වෙනුවෙන්