අරලිය මැදුරට හානි කළ පිරිසක් සොයන්න මහජන සහය පතයි

අරලිය ගහ මන්දිරයට හානි කළ සැකකරුවන් 50 ක් සොයන්න පොලීසිය මහජන සහය පතයි

by Staff writer 20-08-2022 | 7:24 PM

COLOMBO (News 1st) - අරලිය ගහ මන්දිරයට ඇතුළු වී එහි දේපොළවලට අලාභ හානි සිදු කළ සැකකරුවන් 50 දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, කොළඹ දකුණ කොට්ඨාසයයේ අපරාධ විමර්ශන අංශය මගින් ඊට අදාල විමර්ශන සිදු කරන බවය. අදාල සැකකරුවන්ගේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාල සැකකරුවන් සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 011 2 421 867, 076 3 477 342 හෝ 1997 ක්ෂණික දුරකතන අංකය දැනුම් දෙන ලෙසය.