අම්බලන්ගොඩ ඝාතනයකට සැක තිදෙනෙක් අත්අඩංගුවට..

අම්බලන්ගොඩ ඝාතනයකට සැක තිදෙනෙක් අත්අඩංගුවට..

by Staff writer 20-08-2022 | 1:29 PM

COLOMBO (News 1st) – අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාලව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, හෝමාගම, ගැමුණු මාවත ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී අවුරුදු 21 ත් 41 ක් අතර වයස්වල පසුවන අදාල සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන්ට සැඟවී සිටීමට නවාතැන් පහසුකම් ලබාදීම හා රැකවරණය ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවන් සැඟව සිටි නිවසේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේ ය.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධය සිදුකිරීම සඳහා උපයෝගී කරගත් විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක්, පතුරම් ගැබ් එකක්, අපරාධය සඳහා පැමිණි යතුරු පැදියක් හා ජංගම දුරකතන තුනක්ද පොලිසිය භාරයට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ , සැකකරුවන් අද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

පසුගිය මස 26 වැනිදා එම ඝාතනය සිදුව තිබුණි.