ගම්මැද්දෙන් අලුත් බලාපොරොත්තුවක්

සෙල්ලකතරගම අක්කර 20 ගම්මානයට අලුත් බලාපොරොත්තුවක් ‌ගෙනෙන ගම්මැද්ද

by Staff writer 19-08-2022 | 9:04 AM

COLOMBO (News 1st) - සෙල්ලකතරගම, අක්කර 20 ගම්මානයේ ජනතාවට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින්  ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් අද (19) ආරම්භ කිරීමට නියමිතය.

සෙල්ලකතරගම අක්කර 20 ගම්මානයේ ජනතාවට පිරිසිදු පානීය ජලය නොමැති වීම කලක සිට ඇති ප්‍රධාන ගැටලුවකි.

ජනතාව පවසන්නේ මේ හේතුව නිසා ප්‍රදේශයේ වකුගඩු රෝගීනුත් බහුල වී ඇති බවයි.

සෙල්ලකතරගම පූජා භූමියට පැමිණෙන පිරිසටත් මේ ප්‍රදේශයේ ඇති ජල ගැටලුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබේ.

ගම්මැද්ද අද මේ ජනතාවට පිරිසිදු පානීය ජල පෙරන පද්ධතියක් සකස්කර දෙන්න කටයුතු කිරීමට නියමිතයි.

එඩ්වින් තිලකරත්න මහතා අනුස්මරණය කරමින්, කොළඹ පදිංචි ප්‍රදීපා තිලකරත්න ජයසේකර සහ තිලකරත්න සහ,  සිය දෙමව්පියන් සහ සහෝදරයා අනුස්මරණය කරමින් නුගේගොඩ පදිංචි වීනීතා ජයසිංහ මේ ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙයි.