.webp)
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
විදේශ විනිමය මුදල් නෝට්ටු වශයෙන් තියාගෙන ඉන්න අයට යම් කිසි කාලයක් දුන්නා ඒක බැංකුවල තැන්පත් කරලා මුදල් ගන්න කියලා. අපි දැක්කා විශාල ප්රමාණයක් ඒ සම්බන්ධව ඇවිල්ලා තිබුණා. ඉතින් මේ ඉල්ලීමක් තිබුණා තවත් අය මෙහෙම තියාගෙන ඉන්නවා ඒගොල්ලන්ට තව අවස්ථාවක් දෙන්න කියලා තව මාසයකින් දික් කරන්න කියලා. මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම විදේශ විනිමය මුදල් වශයෙන් ගෙවල්වල තියන් ඉන්නවා නම් ඒගොල්ලන්ට කිසිම වාසියක් ලැබෙන්නේ නැනේ ඒකට පොලියක් හම්බෙන්නෙත් නැ. බැංකුවක තැන්පත් කරලා ඒ මුදලට පොලියක් ලබා ගන්න පුළුවන් විදේශ විනිමයවලින් එහෙම නැත්තම් රුපියල්වලට පරිවර්තනය කරාම ඊට වඩා විශාල මුදලක් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ දැන් මේක තමයි හොඳම අවස්ථාව ගෙනල්ලා මුදල් තැන්පත් කරන්න