බස් ගාස්තු:ඩිජිටල් කාඩ්පතේ නියමු ව්‍යාපෘතිය අද

බස් ගාස්තු ගෙවන ඩිජිටල් කාඩ් පතේ නියමු ව්‍යාපෘතිය අද ඇරඹේ..

by Staff writer 19-08-2022 | 7:57 AM

COLOMBO (News 1st) - බස් රථවල ගමන් කිරීමේදී විද්යුත් කාඩ් පතක් මගින් ගෙවීම සිදු කිරීමේ ක්‍රමවේදයට ආදළ  පූර්ව නියමු ව්‍යාපෘතිය අද (19) සිට ක්‍රියාත්මක බව  ශ්‍රී ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති , නිලාන් මිරින්ඩා මහතා සඳහන් කළේ, මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආදළ  පූර්ව නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කිරීමට කටයුතු කරන  බවයි.

මෙම විද්යුත් කාඩ් පත් ගෙවීම් ක්‍රමය සිදුවන ආකාරයද  ශ්‍රී ලංකා ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති නිලාන් මිරින්ඩා මහතා පැහැදිලි කිරීමක් සිදු කළේ ය.