ජැක්සන්ගේ බලන්න ජනපති ජාතික රෝහලට

ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට ජනපති ජාතික රෝහලට

by Staff writer 19-08-2022 | 8:09 PM

COLOMBO (News 1st) - හදිසි අනතුරකට ලක්ව රෝගාතුරව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීමට අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ.

ජාතික රෝහලට පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමෙන් පසුව පවුලේ ඥාතීන් සමග ද සාකච්ඡා කළේ ය.

මෙහිදී ජාතික රෝහලේ කටයුතු පිළිබඳව ද සොයා බැලූ ජනාධිපතිවරයා රටපුරා ඖෂධ හිඟයෙන් පීඩාවට පත් රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බව ද අවධාරණය කර තිබුණි.

 
?ජැක්සන්ගේ සුවදුක් විමසීමට ජනපති ජාතික රෝහලට..

?ජැක්සන්ගේ සුවදුක් විමසීමට ජනපති ජාතික රෝහලට.. #lka #SriLanka #SLnews #RAN

Posted by Newsfirst.lk on Friday, August 19, 2022