ගාලු කොටුවේ පරිපාලන කටයුතු ගාලු උරුමය පදනම යටතට

ගාලු කොටුවේ ඉදිරි පරිපාලන කටයුතු ගාලු උරුමය පදනම යටතට

by Staff writer 19-08-2022 | 4:57 PM

COLOMBO (News 1st) - ගාලු කොටුවේ ඉදිරි පරිපාලන කටයුතු ගාලු උරුමය පදනම යටතට පත් කිරීමට තීරණය කර තිබේ.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, ඊට අදාල ගිවිසුම් ගතවීම හෙට (20) සිදුවන බවයි.

මීට අමතරව ගාලුකොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් ස්ථාපිත ප්‍රදර්ශන ගැලරි ජනතා අයිතියට පත්කිරීම ද හෙට සිදු කෙරෙනු ඇති.

ගාලු උරුමය පදනම පරාක්‍රම දහනායක මහතාගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මකයි.