අනුරාධපුරයේදී ඇල්ලූ නිධන් හොරු

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05 දෙනෙකු අල්ලයි

by Staff writer 19-08-2022 | 2:05 PM

COLOMBO (News 1st) - රුපියල් කෝටි 11 කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග පුද්ගලයින් පස් දෙනෙකු අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එහි තිබී ගල්වලින් නිමවන ලද ශෛල්‍යම පුස්කොළ පොත් 2 ක් සහ වටිනා මංජුසා 9 ක් හමුවු බවයි.

ඔවුන් නිධන් වස්තු ජාවාරමෙහි යෙදෙන සංවිධානාත්මක කල්ලියක් බව ‌තොරතුරු වාර්තා වේ.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සහ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ඊයේ (18) මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වාරියපොල ,කුලියාපිටිය ,රත්නපුර සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක් ද වේ.

සැකකරුවන් සියලුදෙනා අද(19)  අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.