2021 උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

කලින් සහභාගි නොවූ 2021 උ/පෙළ සිසුන්ට අද සිට ප්‍රායෝගික පරීක්ෂණ

by Staff writer 19-08-2022 | 7:54 AM

COLOMBO (News 1st) - 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරික්ෂණ සඳහා සහභාගී  නොවූ  අපේක්ෂකයින්ට අද (19)  සිට නැවත එම පරීක්ෂණ ආරම්භ වන බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ, හෙට (20) සහ අනිද්දා (21)  දිනවල ද අදාළ ප්‍රායෝගික පරික්ෂණ  පැවැත්වෙන බවයි.

ඉන්ධන අර්බුදය සහ ඇතිවූ ගැටළුකාරි තත්ත්වයන් හේතුවෙන්, සිසුන්ට ප්‍රායෝගික පරික්ෂණ සඳහා පෙනී  සිටීමට නොහැකි වූ  බව, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පෙන්වා දෙයි.

ඔහු පැවසුවේ , අදාළ පරීක්ෂණ අවසන් කර, තවත් සති දෙකකින් උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බවයි.

මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවල තුන්වන අදියර හෙට (19) සිට ආරම්භ කරන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

මේ අතර 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ දිනය ලබන 26 දක්වා දීර්ඝ කර තිබේ.