එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් පිරිසක් ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් පිරිසක් ජනපති හමුවෙයි

by Staff writer 19-08-2022 | 6:10 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් මැක්ලෙන්ඩඩ්කා, මෙරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංගර් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කර්පානී යන මහත්ම මහත්මීන් මෙම හමුවට සහභාගී වූ බවයි.