English
தமிழ்
කර්තෘ Staff writer
19 Aug, 2022 | 9:33 pm
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, දින 90 ක් රඳවා තබා විමර්ශන කිරීමට පොලීසිය ආරක්ෂක අමාත්‍යාවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවය.
කර්තෘ Staff writer
19 Aug, 2022 | 4:28 pm
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගෙන සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හාෂාන්ත ජීවන්ත ගුණතිලක මහතා ද පසුගිය අප්‍රේල් 9 වැනි දා සිට අරගලයේ සිදුවීම්වලට අදාලව රැඳවුම් නියෝග යටතේ රඳවා තබා විමර්ශනය කිරීමට නියමිත බවය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (18) කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 19 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි.
පොලීසිය පැවසුවේ, කුරුඳුවත්ත, කොම්පඤ්ඤ විදීය, බොරැල්ල පොලිස් ස්ථාන හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු තුන්දෙනා හැර සෙසු 16 දෙනා අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණි.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේ, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් මහා මාර්ගය අවහිර කර පොලිස් නිලධාරීගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා මතයි.
ඊයේ පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා ගිය බව කියන චෝදනා මත රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල් ඉලංගසිංහ මහතා එහිදී නියෝග කළේ ය.
අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ, කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ලිප්ටන් වටරවුම අසලට රැස්ව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් උද්ඝෝෂණය කරනවා වෙනුවට මාර්ග අවහිර කරමින් යූනියන් පෙදෙසේ සිට කොටුව දෙසට ගමන් කළ බව කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ ය.
පොලීසිය පෙන්වා දුන්නේ, ඒ අතරතුර ඔවුන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ගල් මුල්වලින් පොලිස් නිලධාරීන්ට පහරදීම සිදු කළ බවයි.
ඒ අනුව පොලීසිය විසින් පිරිසට විසිර යාමට අණ කර සිටි අතර එම අණ නොතකා රැඳී සිටි සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විමර්ශන අවසන් වන තෙක් අත්අඩංගුවට ගත් 16 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
පොලීසිය කරුණු දැක්වීම් සියල්ල සාවද්‍ය බව ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ ය.
ලිප්ටන් වටරවුම අසල සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වූ පිරිසට යූනියන් පෙදෙසේ සිටි පැමිණි අතිවිශාල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එළව එළවා පහර දී ඇතැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදී සඳහන් කළේ ය.
සාලිය පීරිස් මහතා අවධාරණය කළේ, සිසුන් ගල් මුල්වලින් පොලීසිය වෙත ප්‍රහාර එල්ල කළ බවට නගන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍යය බවයි.
සාමකාමී ලෙස පැවති උද්ඝෝෂණයක් නීති විරෝධී උද්ඝෝෂණයක් ලෙසට හුවා දැක්වීම සඳහා පොලීසිය අධිකරණයට වැරදි කරුණු ඉදිරිපත් කරන බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ද සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ය.
ඔහු සඳහන් කළේ, ජීවන වියදම පහත දැමීම සහ විශ්වවිද්‍යාල යළි ආරම්භ කරන ලෙස සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක නිරත වූ පිරිස නීති විරෝධී වීමට ඔවුන් කළ වරද කුමක්දැයි පොලීසිය අධිකරණයට කරුණු දක්වා නොමැති බවයි.
පොලීසිය නීතිය අවභාවිතයට ලක් කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.
කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර නඩුව සැප්තැම්බර් 12 වැනි දා යළි කැඳවීමට නියමිතයි.
04 Jun, 2023 | 12:23 PM
04 Jun, 2023 | 10:49 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS