දින 52 ආණ්ඩුව: ආන්දෝලනාත්මක හඬපට සිද්ධියේ ඉදිරි කටයුතු නොකිරීමට අල්ලස් කොමිසමේ තීරණයක්

දින 52 ආණ්ඩුව: ආන්දෝලනාත්මක හඬපට සිද්ධියේ ඉදිරි කටයුතු නොකිරීමට අල්ලස් කොමිසමේ තීරණයක්

දින 52 ආණ්ඩුව: ආන්දෝලනාත්මක හඬපට සිද්ධියේ ඉදිරි කටයුතු නොකිරීමට අල්ලස් කොමිසමේ තීරණයක්

කර්තෘ Staff writer

19 Aug, 2022 | 8:15 pm

COLOMBO (News 1st) – 2018 වසරේ දින 52 ආණ්ඩු පෙරළිය අවස්ථාවේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කිරීමේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ, ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවීම යන හේතු මතයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කළේ, මෙම පැමිණිල්ලෙන් වසර 4 කට පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසමෙහි ස්ථාවරය ලිපියක් මගින් තමන්ට දන්වා එවා ඇති බවයි.

ඒ අනුව ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවීම යන හේතුව මත පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

2018 වසරේ දී ආන්දෝලනාත්මක හඬපට කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මූල්‍ය අල්ලස් ලබාදීමට තැත් කිරීමක් පිළිබඳ අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2018 නොවැම්බර් 05 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

 

ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය ගැන ඉදිරි කටයුතු නොකිරීමේ තීරණයක්.

ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය ගැන ඉදිරි කටයුතු නොකිරීමේ තීරණයක්.. #lka #SriLanka #SLnews #CAG

Posted by Newsfirst.lk on Friday, August 19, 2022

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]