බඹර ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 22 ක් රෝහලට..

බඹර ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 22 ක් රෝහලට..

by Staff writer 18-08-2022 | 3:13 PM

COLOMBO (News 1st) – බදුල්ල - පස්සර ප්‍රදේශයේ පාසැලක බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ 22 දෙනෙකු, පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. 

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ අතරින් 20 දෙනෙකුම පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් බවයි. 

අද දහවල් කාලයේදී පැවති දැඩි සුළං තත්ත්වය සමග ගොඩනැගිල්ලක බැඳ තිබු බඹර කුඩූවක් ඇවිස්සීමෙන් එම අනතුර සිදුව තිබේ.