මහබැංකුවෙන් විදේශ මුදල් ගැන නිවේදනයක්..

තමන් සතු විදේශ මුදල් තැන්පත් කිරිමට හා විකිණීමට පොදු සමාකාලයක්..

by Staff writer 18-08-2022 | 5:15 PM

COLOMBO (News 1st) –  තමන් සතු විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හා විකිණීම සඳහා මහජනතාව වෙත පොදු සමා කාලයක් ලබාදී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

මහ බැංකුව සඳහන් කළේ, ජනතාව සතුව ඇති විදේශ ව්‍යවහාර මුදල් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මෙම පොදු සමා කාලය ලබා දී ඇති බවයි.

ඒ අනුව අගෝස්තු 15 වැනිදා සිට මාසයක් අදාල පොදු සමා කාලය ක්‍රියාත්මක වනු ඇති.

අදාල කාලය තුළ අතැති විදේශ ව්‍යවහාර මුදල්, පෞද්ගලික හෝ ව්‍යාපාර විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට මෙන්ම බලපත්‍රලාභී වාණිජ බැංකුවකට විකිණීම සඳහා මහජනතාවට අවස්ථාව හිමිවේ.