.webp)
COLOMBO (News 1st) – රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීම පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළව පසුගිය දිනවල තවත් පාර්ශව කිහිපයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාගෙන තිබුණි.
ඔලිම්පික් තරගාවලි නියෝජනය කළ සහ දකුණු ආසියානු පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලින් සහ සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් යන මහත්වරුන් ද ඒ අතර වේ.
ජූලියන් බෝලින් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 08කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතා ඇතුළු කණ්ඩායමෙන් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.