චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට..

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න සැරසෙයි

by Staff writer 18-08-2022 | 8:16 AM

News 1st - චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාව බලා පිටත්ව යාටම නියමිත බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා සිය සෙබළුන් කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යන බවය.

යුද අභ්‍යාසය සඳහා ඉන්දියාව, මොංගෝලියාව, ටජිකිස්ථානය, බෙලරූස් ඇතුළු රටවල් කිහිපයක් ද සහභාගි වීමට නියමිත වේ.

රුසියාව නිවේදනය කර ඇත්තේ, වොස්ටොක් නමින් හැඳින්වෙන මෙම අභ්‍යාසය අගෝස්තු මස 30 වැනි දා සිට සැප්තැම්බර් මස 5 වැනි දා දක්වා පැවැත්වෙන බවයි.