ගෝඨාභය හැකි ඉක්මණින් ගෙන්වා ගන්න

ගෝඨාභය හැකි ඉක්මණින් ගෙන්වා ගන්න - පොදුජන පෙරමුණ ඉල්ලයි

by Staff writer 18-08-2022 | 10:12 PM

COLOMBO (News 1st) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැකි ඉක්මණින් මෙරටට ගෙන්වා ගන්නා ලෙසත්,  සුදුසු ආරක්ෂාව හා පහසුකම් සපයන ලෙසත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපතිගෙන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කරයි. 

ඔහු මෙම ඉල්ලීම කර තිබෙන්නේ, ජනාධිපතිතුමා සමග අද පැවති සාකච්ඡාවේදීය.