අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා මුදා හැරේ..

අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා මුදා හැරේ..

by Staff writer 18-08-2022 | 3:49 PM

COLOMBO (News 1st) –  අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මුදා හරිනු ලැබ තිබේ. 

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඇප නියම කිරීම අනවශ්‍ය බවත්, ⁣නොවැම්බර් 16 අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් ය. 

වසර කිහිපයකට පෙර රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.