ගෝඨාභය ලබන 24 ලංකාවට එනවා..

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 ලංකාවට එනවා - උදයංග වීරතුංග

by Staff writer 17-08-2022 | 10:04 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17)  ප්‍රකාශ කළේ ය.

එම මහතා මේ බව සඳහන් කළේ , ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් එවක රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(17) පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 වර්ගයේ ප්‍රහාරක යානා 4 ක් අලුතින් මිලදී ගැනීම හා තවත් මිග් 27 යානා 3 ක් සහ මිග් 23 යානයක් අලුත්වැඩියා කිරීම මෙම ගනුදෙනුවට අයත් වේ.

රාජ්‍යයන් දෙකක් අතර සිදුවූ ගනුදෙනුවක් බව පෙන්වමින් ව්‍යාජ සමාගමක් හරහා අමෙරිකානු ඩොලර් මිලියන 6 කට වැඩි මුදලක් වංචා කර ඇතැයි කියන චෝදනාවට අදාළව මෙම ගනුදෙනුව පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරයි.