සතියක් තුළ ඩෙංගු රෝගීන් 1500ක්

සතියක් තුළ ඩෙංගු රෝගීන් 1500ක්

by Staff writer 17-08-2022 | 7:53 AM

COLOMBO (News 1st) - ඉකුත් සතිය තුළ ඩෙංගු රෝගීන් 1590 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් 50.8% ක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය.

තවදුරටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 56 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බව එම ඒකකය සඳහන් කළේ ය.

ඒ අතරට අලුතින්ම එක් වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස වන්නේ අකුරණ, මාතලේ මහ නගර සභා බල ප්‍රදේශය,අම්බලංගොඩ, වාරියපොළ, ඇහැලියගොඩ, ඇඹිලිපිටිය හා ගලිගමුවයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය.