වීසා අවලංගු කළ බ්‍රිතාන්‍ය තරුණිය සොයා ගන්න නැහැ

වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය තරුණිය සොයා ගන්න නැහැ - ආගමන විගමන දෙපාර්තමේන්තුව

by Staff writer 17-08-2022 | 10:35 PM

COLOMBO (News 1st) - වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික  තරුණියක්වන කේලි ෆේසර් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් , ඇය සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

තමා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් ඉල්ලා,  කේලි ෆ්‍රේසර් මහත්මිය කළ  ඉල්ලීම අභියාචනාධිකරණය පසුගියදා ප්‍රතික්ෂේප කළේ ය.

විනිසුරුවරයා දැනුම් දුන්නේ, හේතුවක් නොදක්වා වුවද වීසා අවලංගු කිරීමට හෝ අවසන් කිරීමට අභිමතානුසාරී බලයක් ආගමන හා විගමන පාලනවරයාට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් තහවුරු කර ඇති බවයි.