මිලියන 200කට රත්‍රං බිස්කට් අල්ලයි

රුපියල් මිලියන 200කට අධික රත්‍රං බිස්කට් තොගයක් කටුනායකදී අල්ලයි

by Staff writer 17-08-2022 | 10:46 PM

COLOMBO (News 1st) - නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 205 කට අධික රත්‍රං බිස්කට් තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බිස්කට් තොගය රැගෙන ආ ගුවන් මගියා සහ ඒවා ලබාගත් කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් රත්‍රං බිස්කට් තොගයේ  බර ක්‍රිලෝගෑම් 9.5කි. 

ඩුබායි සිට රැගෙන ආ එම බිස්කට් තොගය, කටුනායක ගුවන්තොටුපොළේ රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.