බොරතෙල් නෞකාවේ තොග ගොඩබෑම අද ඇරඹේ

බොරතෙල් නෞකාවේ තොග ගොඩබෑම අද ඇරඹේ - ඛනිජ තෙල් සංස්ථාව

by Staff writer 17-08-2022 | 7:40 AM

COLOMBO (News 1st) - දිවයිනට සේන්දු වූ බොරතෙල් නෞකාවේ තොග ගොඩබෑම අද (17) ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරී‍යෙක් සඳහන් කළේ, ඒ අනුව සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 19 වැනි දා ආරම්භ කරන බවය.

නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් දිවයිනට රැගෙන විති තිබේ.

මේ අතර තවත් බොරතෙල් නෞකාවක් ලබන 29 වැනි දා මෙරටට ළඟාවන අතර එහි බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතය.