බදු වැඩි කරන නව පනතකට ජෝ බයිඩ්න් අත්සන් තබයි

ධනවතුන් මත බදු වැඩි කරන ඩොලර් බිලියන 700 ක පනතට අමෙරිකානු ජනපති අත්සන් තබයි

by Staff writer 17-08-2022 | 8:12 AM

News 1st - ධනවතුන් මත බදු වැඩි කරන නව පනතකට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබේ.

එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 700 කි.

මෙම පනත මගින් සෞඛ්‍ය ආරක්ෂණ වියදම් සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව ද කටයුතු කරනු ඇති.

නිර්දේශිත ඖෂධවල මිල සීමා කිරීම සඳහා දශක ගණනාවක සිට කොංග්‍රසය ගෙන ආ යෝජනාව ද මෙම පනතට ඇතුළත් වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජෝ බයිඩන්ගේ මෙම නව පනත ඉදිරි මැතිවරණයට පෙර තල්ලුවක් වනු ඇති බවයි.