තායිලන්තයේ ස්ථාන 17කින් පිපිරීම්

තායිලන්තයේ ස්ථාන 17කින් පිපිරීම් සහ ගිනි ගැනීම් රැසක්

by Staff writer 17-08-2022 | 10:01 PM

COLOMBO (News 1st) - තායිලන්තයේ ස්ථාන 17කින් පිපිරීම් සහ ගිනි ගැනීමේ සිදුවීම් රැසක් අද (17) වාර්තා විය.

තායිලන්ත බලධාරීන් සඳහන් කළේ, එරට දකුණු දිග ප්‍රදේශයේ ස්ථාන 17 ක සිදුවූ මෙම සිදුවීම්වලින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පිපිරීම් සහ ගිනි ගැනීමේ සිදුවීම් සංවිධානාත්මකව සිදුකළ ප්‍රහාර බවට මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබේ.

වෙළෙඳසැල් සහ ගෑස් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති අතර, ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශවයක් භාරගෙන නැත.